Header Ads

Ads Bar

ශ්‍රී ලංකා ක්‍රිකට්: "මාලිංග ක්‍රිකට්වලින් ඉවත් වෙනවා නම් අපට කරන්න දෙයක් නෑ"

"අපි හිතන්නේ නැහැ ඔහු ඉවත් වෙයි කියලා. ඔහු ලෝකයේම පිළිගත් ක්‍රීඩකයෙක්. අපි හිතන්නේ ඔහු රට වෙනුවෙන් ක්‍රීඩා කරයි කියලා. මාලිංග ඉවත් වෙනවා නම් අපට කරන්න දෙයක් නෑ"
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මේ බව පැවසුවේ ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමෙන් පසුව බ්‍රහස්පතින්දා (අප්‍රේල් 18) පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.
ඔහු මේ බව පැවසුවේ මාලිංග නායකත්වයෙන් ඉවත් කළහොත් ඔහු ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ඉඩ තිබෙන බවට පළවූ වාර්තා ගැන විමසූ විටය.
Getty ImagesImage copyrightGETTY IMAGES
මාලිංගගේ නායකත්වය ගැන අදහස් දැක්වූ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් පැවසුවේ තමා මාලිංගගේ නායකත්වයේ වැරැද්දක් නොදකින නමුත් ඔහුට කණ්ඩායම එකට තබා ගැනීමට අපහසු වූ බවය.
"මමයි මාලිංගයි ඊයේ පැය භාගයක් විතර කතා කළා. එය තේරුම් ගන්නවා අපි එයාට අවස්ථාව දුන්නා කියලා. එයා නායකත්වය දීපු තරඟ 12 ම පරාදයි. එයා කිව්වේ එයාගේ තීරණය ටීම් එක ප්‍රසිද්ධ කළාට පස්සේ දන්වන්නම් කියලා"
මෙම තරඟාවලියේදී කඩුලු රකින්නා ලෙස කුසල් ජනිත් පෙරේරා කටයුතු කරන අතර දිනේෂ් චන්දිමාල් ඉවත් කිරීමට සිදුවුයේ කණ්ඩායමේ සමබරතාව රැකගැනීමට බව ද ඔහු සඳහන් කළේය.
අද (අප්‍රේල් 18) ප්‍රකාශයට පත් කෙරුණු 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පිරිනැමුණේ දිමුත් කරුණාරත්න හට ය.
මෙම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සිය අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.
1.දිමුත් කරුණාරත්න (නායක)
2.අවිෂ්ක ප්‍රනාන්දු
3.ලහිරු තිරිමාන්න
4.කුසල් ජනිත් පෙරේරා
5.කුසල් මෙන්ඩිස්
6.ඇන්ජලෝ මැතිව්ස්
7.ධනන්ජය ද සිල්වා
8.ජෙෆ්රි වැන්ඩසේ
9.තිසර පෙරේරා
10.ඉසුරු උදාන
11.සුරංග ලක්මාල්
12.නුවන් ප්‍රදීප්
13.ලසිත් මාලිංග
14.ජීවන් මෙන්ඩිස්
15.මිලින්ද සිරිවර්ධන
මීට අමතරව, තවත් ක්‍රීඩකයින් 4 දෙනෙකු අතිරේකව නම් කර තිබේ.
1.ඕෂධ ප්‍රනාන්දු
2.ඇන්ජලෝ පෙරේරා
3.කසුන් රාජිත
4.වනිඳු හසරංග
මේ අතර ඇතැම් ක්‍රිකට් ලෝලීන් ශ්‍රී ලංකා කණ්ඩායම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ කර තිබිණි. හසාරා මාපා පවසා තිබුණේ "අපි තවමත් ඔබලාට සුබ පතනවා" යනුවෙනි.
FBImage copyrightFB
කෙසේවෙතත්, පළපුරුදු ක්‍රීඩකයින් වන හිටපු නායක දිනේෂ් චන්දිමාල්, කඩුලු රකින්නා වූ නිරෝෂන් දික්වැල්ල, ආරම්භක පිතිකරුවන් වූ උපුල් තරංග සහ ධනුෂ්ක ගුණතිලක සහ අකිල ධනංජයට මෙවර කණ්ඩායමේ ස්ථාන හිමිවී නැත.
කණ්ඩායම් 10 ක් සහභාගී වන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මැයි 30 වැනිදා ඇරඹේ.



_____Reference | Copyrights_____

Copyrights of this Post (Article & Image) belong to : https://www.bbc.com/sinhala/sport-47973687

No comments

Powered by Blogger.