Header Ads

Ads Bar

මව වළ දැමූ බිලිඳෙකු බේරා ගත් බල්ලෙක්

තායිලන්තය බල්ලා පින්ග්පොන්Image copyrightKHAOSOD
Image captionබිළිඳු ජීවිතයක් බේරාගත් 'පින්ග්පොන් '
මව විසින් පණ පිටින් වළ දමන ලද බිලිඳෙක් බල්ලෙකු විසින් බේරා ගනු ලැබීමේ සංවේදී පුවතක් තායිලන්තයෙන් වාර්තා වෙයි.
සිය දරු ප්‍රසූතිය දෙමව්පියන්ගෙන් වසන් කිරීමේ අදහසින් එම බිලිඳාගේ මව සිය දරුවා පණ පිටින් වළ දමා ඇති බව උතුරු තායිලන්තයෙන් ලැබෙන එම වාර්තාවේ දැක්වෙයි.
බිලිඳා අත්හැර දැමූ මවගේ වයස අවුරුදු පහළොවකි.
සිද්ධිය සම්බන්ධයෙන් ලැබෙන වැඩිදුර තොරතුරු අනුව, බිලිඳා වළ දමා තිබුණ ස්ථානය එය සිදු වූ 'බෑන් නොන්ග් කාම්' (Ban Nong Kham) නම් උතුරු තායිලන්ත ගම්මානයේ වැසියකුගේ ඇස ගැටී තිබෙන්නේ බල්ලෙකුගේ හැසිරීමෙනි.
"පින්ග් පොන්" (බල්ලාගේ නම) බුරමින් පොළොව පහුරු ගාමින් හිටියා" එම බල්ලාගේ අයිතිකරු වන ඌසා නිසයිකා (Usa Nisaikha)පවසයි.
"බල්ලාගේ හැසිරීම අනුව එම ස්ථානය පරීක්ෂා කිරීමේදී පොළොවෙන් මතුපිට එසවී තිබුණ බිළිඳු දෙපා මම දැක්කා," ඌසා නිසයිකා වැඩිදුරටත් සඳහන් කළේය.
එම සිද්ධිය සැලවීමත් වීමත් සමග 'බෑන් නොන්ග් කාම්' (Ban Nong Kham) ගම්වැසියන් පිරිසක් විසින් ගොඩගන්නා ලද බිළිඳා වහා ම රෝහලකට ගෙන ගොස් ඇති අතර, බිළිඳා ඒ වන විටත් පණ පිටින් සිටින බව ඔහු පිරිසිදු කොට පරීක්‍ෂා කළ වෛද්‍යවරු පවසා ඇත.
සිය බල්ලා වාහනයක හැපීමෙන් සිදු වූ අනතුරක් නිසා උගේ එක කකුලක් පණ නොමැති තත්ත්වයක ඇති බවත් පින්ග් පොන්ග්ගේ හාම්පුතා වන ඌසා නිසයිකා පවසයි.
පින්ග්පොන් ඌසා නිසයිකා බල්ලා තායිලන්තයImage copyrightKHAOSOD
Image caption'පින්ග්පොන්' සිය හාම්පුතා ඌසා නිසයිකා (Usa Nisaikha) සමග
"මම මේ බල්ලා ඇති කරන්නේ - ඌ හරි ම කීකරුයි. මම මගේ හරක් බලන්න පිට්ටනියට ගියා ම "පින්ග් පොන්" හැම තිස්සෙ ම මට උදව් වෙනවා. අපේ මුළු ගම ම ඌට ආදරෙයි. මට ඌ ගැන තියෙන්නේ පුදුම සතුටක්," ඌසා නිසයිකා 'Khaosod' පුවත්පතට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
තමා විසින් මෙලොවට බිහි කරන ලද බිලිඳා වළ දැමූ පහළොස් හැවිරිදි මවට එරෙහිව 'ළමයෙකු අත්හැර දැමීම සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා යටතේ' නඩු පවරා ඇති බවත් වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් 'බැංකොක් පෝස්ට්' පුවත්පතට ප්‍රකාශයක් කළ පොලිස් නිලධාරියෙකු, චූදිත දැරිය ඇයගේ දෙමව්පියන්ගේ සහ මානසික වෛද්‍යවරයෙකු භාරයේ තබා සිටින බව සඳහන් කර ඇත.
ඇය විසින් සිදු කරන ලද ඉහත කී අපරාධය සම්බන්ධයෙන් එම දැරිය දැන් කනගාටුවෙන් පසුවෙන බවත් පොලිස් නිලධාරියා පවසයි.
දිවි බේරුණ බිලිඳා හදාවඩා ගැනීමට ඇයගේ දෙමව්පියන් තීරණය කර ඇත.


_____Reference | Copyrights_____

Copyrights of this Post (Article & Image) belong to : https://www.bbc.com/sinhala/world-48338669

No comments

Powered by Blogger.